Tuesday, July 08, 2025
Follow Us
රනිල් මහින්දගෙන් කොළඹින් ගෙයක් ඉල්ලයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට කොළඹින් නිවසක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අගමැති තනතුර දරද්දී ත් තම නිවසේ සිටි රනිල් වික්‍රමසිංහ මහතා දැන් නිවසක් ඉල්ලන්නේ ඇයිද යන්න අගමැතිවරයාට ප්‍රශ්නයක් වී තිබේ.

සාමාන්‍යයෙන් හිටපු ජනාධිපතිවරුන්ට කොළඹින් නිල නිවාසයක් ලබාදීම නීත්‍යානුකූල වුවද හිටපු අගමැතිවරුන්ට කොළඹින් නිවාස ලබාදීමේ සම්ප්‍රදායක් මෙතුවක් කල් තිබුණේ නැත.

මේ නිසාම මහින්දට රනිල්ගේ ඉල්ලීම එක්වරම ඉටුකළ නොහැකි නිසා මේ වන විට මහින්ද තීන්දු කොට ඇත්තේ ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට රනිල්ට කොළඹින් නිල නිවෙසක් ලබාදීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

(Lanka Leads)