යුද සමයේ රට තුළ සිදු වූ අපරාධ සහ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තරය මැදිහත්වී සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා පවසා ඇත.
ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ ඉන්දියාවේ චෙන්නායිහිදී පැවති ජාත්‍යන්තර දෙමළ ජාතීන්ගේ සංවිධානයේ 06 වන සැමරුම් වැඩසටහන අමතමිනි.
එහිදී අදහස් දක්වමින් විග්නේශ්වරන් මහතා පවසන්නේ යුද්ධයෙන් පීඩාවට පත් වුවන්ට මෙතෙක් සාධාරණයක් ඉටුව නොමැති හෙයින් විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කළ යුතු බවයි.
මෙහිදී ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවද එක්විය යුතු බව හෙතෙම පෙන්වාදෙයි.
ශ්‍රී ලංකාව තුළ බහුතර සිංහල පාලනයක් ඇති හෙයින් සුළු ජාතීන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම අපහසු තැනක පසුවන හෙයින් ඊට ජාත්‍යන්තරය මැදිහත් වීම සිදුවිය යුතු බවද විග්නේශ්වරන් මහතා සඳහන් කර තිබේ.
(LNW)