Tuesday, July 08, 2025
Follow Us
ශෂී - රංජන් හඬපට රැසක්. ඇදුණොත් විමල්ගේ සළුපට අහසට.

ඇමති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය සහ රංජන් රාමනායක මහතා අතර සිදුවූ දුරකථන සංවාද රැසක හඬපට ද රංජන් රාමනායක මහතාගේ හඬපට තොගය අතර තිබෙන බව වාර්තා වේ.

රංජන් රාමනායක මහතා ද මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබිණි.

ශෂී වීරවංශ මහත්මිය කලක් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවෙන් පසුවූ නිසා මෙන්ම විමල් වීරවංශ මහතා විවිධ චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් අවස්ථාවන්හි දී දේශපාලන උදව් ලබාගැනීම සඳහා ද රංජන් රාමනායක මහතාව අමතා ඇති බව සඳහන්. ඒ බව තහවුරු කෙරෙන එක් හඬපටයක් මීට වසරකටත් පෙරම සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් වී තිබිණි. ඉන් කියැවුණේ විමල් වීරවංශ මහතාගේ බිරිඳ යම් නීතිමය ක්‍රියාමාර්ගයකින් ගැළවීම සඳහා රාජිත සේනාරත්න මහතාගේ බිරිඳ හරහා රාජිත අමාත්‍යවරයාගේ උදව් ලබාගත් බවකි. ඊට එහා බොහෝ තොරතුරු අඩංගු තවත් ඇමතුම් රැසක් පවතින බවයි වාර්තා වන්නේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී රංජන්ගේ හඬපට පතුරු අරිමින් විමල් වීරවංශ මහතා පැවසුවේ "හඬපට එළියට - සළුපට අහසට" යනුවෙනි. මේ ඉහත කී හඬපට එළියට ඇදුණොත් නම් විමල් වීරවංශ මහතාගේ සළුපට සදාකාලිකවම අහසේ රැඳෙනු ඇති බවටයි ක්ෂේත්‍රය තුළ ආරංචිමාර්ග පැතිර යන්නේ.

(LNW)