ඉදිරි මහමැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට සූදානම්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව වාර්තා වේ.
දීර්ඝ කාලයක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ මහතා 2015 මහමැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එහිදී ඒ මහතා මනාප 423,529ක් ලබාගත්තේය.
කෙසේවෙතත් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප 425,000ක් ඉක්මවා ලබාගනු ඇති බවට ගණන් බලා තිබේ. පසුගිය වතාවේදී ඔහු ලබාගත් මනාප ප්‍රමාණය 384,448 කි.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දිවයිනේ වැඩිම මනාප ප්‍රමාණය වාර්තා කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
1994 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මනාප 464,588ක් ලබාගත් අතර එම වාර්තාව බිඳහෙළීමට මහින්ද රාජපක්ෂ මහතා බලාපොරොත්තුවෙන් සිටින බව ද වාර්තා විය.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයෙහි මෙතෙක් වැඩිම මනාප සංඛ්‍යාව වාර්තා කළේ 2015 මහමැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඒ මහතා මනාප 500,566ක් ලබාගත්තේය.
(LNW)