එක්සත් ජාතික පක්ෂයෙහි නායකත්වය සහ පක්ෂ ව්‍යුහය සකස් වියයුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීම සඳහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (09) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ.
අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (08) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)