Monday, January 19, 2026
Follow Us
පක්ෂය අපකීර්තියට පත්කළාට එජාපයෙන් දොට්ට?

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව ඇත.

පක්ෂයේ කීර්ති නාමය අපකීර්තියට පත්වන ආකාරයෙන් විවිධ පුද්ගලයන් සමග සිදුකළ දුරකථන සංවාද මාධ්‍යයට නිකුත් වීම නිසා පක්ෂය ගැටලු රැසකට මුහුණදී ඇති බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අදහසයි.

මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පක්ෂ නායකත්වය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්ට දැනුම් දී ඇත. මෙම විනය ක්‍රියාමාර්ගයට අනුව අද (09 වැනිදා) වන විට මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සැලසුම් සකස් කර ඇති බව වාර්තා වෙයි.

(Lanka Leads)