Monday, January 19, 2026
Follow Us
පරණ අය ගෙදර යවන්න මහ ඡන්දෙට ගෝඨාභයගෙන් අලුත් මුහුණු සියයක්

ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අලුත් මුහුණු 100 ක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බව වාර්තාවේ.

මේ සඳහා උගත්, බුද්ධිමත් තරුණ පිරිසක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත ක්‍රියාත්මක වෙන මෙම වැඩ පිළිවෙළ සඳහා ඉදිරි මැතිවරණයේදී දිස්ත්‍රික්ක මට්ටමින් තරග කිරීම සඳහා මේ අලුත් මුහුණු ද ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

(Lanka Leads)