Sunday, September 08, 2024
Follow Us
ශ‍්‍රීලනිපය සහ පොහොට්ටුව අතර සාකච්ඡාව අවසන්

නව සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එළඹෙන 17වනදා තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

ඒ, දෙපාර්ශවය අතර විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති සාකච්ඡා වටයේදීයි.

නව සන්ධානයක් ගොඩ නැගීම සඳහා දෙපාර්ශවය අතර අද සාකච්ඡා පැවැත්වුණේ පස්වන වරටයි.

කඩිනමින් නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද පැවැති සාකච්ඡාවේදී දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස නෙත් නිවුස් වෙත කියා සිටියා.
----------------------------------------------------------------------------------------------

නව සන්ධානයක් ගැන පොහොට්ටුව සහ ශ‍්‍රීලනිපය තවත් සාකච්ඡාවක

07-06-2019 12:34

නව සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තවත් සාකච්ඡා වටයක් අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, විපක්ෂ නායක කාර්යාලයේදීයි. නව සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් දෙපාර්ශවය අතර පවත්වන පස්වන සාකච්ඡා වටය මෙයයි.

පෙරවරු 10 ට පමණ සාකච්ඡාව ආරම්භ වූ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල සහ හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස ඊට එක්ව සිටිනවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සාකච්ඡුාවට එක්ව සිටින්නේ එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්තයි.

(Neth)