ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකයින් අද (07) කොළඹට කැඳවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
ඉදිරි මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව තරග වැදීම පිළිබඳ අවසන් තීරණයකට අද දිනයේ ඔවුන් එළඹෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මහමැතිවරණය සඳහා පොහොට්ටුව සමඟ සන්ධානගත වීමේ ගිවිසුමක් ශ්‍රීලනිපය ජනාධිපතිවරණයට පෙර අත්සන් තබා ඇති අතර තරග වදින ඡන්ද ලකුණ සම්බන්ධයෙන් පසුගිය දිනවල යම් ගැටළුවක් මතුව තිබිණි.
(LNW)