Monday, July 07, 2025
Follow Us
පූර්ණ බලතල සහිත ‘එජාප සන්ධාන නායකයා’ කරූ

එක්සත් ජාතික පක්ෂයයේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගීමට යන පුළුල් ජනතා සන්ධානයේ නායකත්වය පූර්ණ බලතල සහිතව කතානායක කරු ජයසූරිය මහතා වෙත පැවරීමට තීරණය වී තිබේ.

මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා තවත් කෙටි කලක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරනු ඇති අතර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ කාර්ය භාරය ඉටු කරමින් සමස්ථ විපක්ෂයට නායකත්වය ලබා දෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මැදිහත්වීමෙන් ආණ්ඩුවට එරෙහිව ගොඩනගන මේ පුළුල් ජනතා සන්ධානයට පූර්ණ බලතල සහිතව නායකත්වය දෙද්දී ඔහුට අවශ්‍ය සහය සහ ශක්තිය ලබාදීම සඳහා පූර්ණ බලැති නායකත්ව මණ්ඩලයක් ද පත් කිරීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර නායකත්වය ද, කරු ජයසූරියගේ දේශීය සිංහල බෞද්ධ නායකත්වය සහ සජිත් ප්‍රේමදාසගේ ග්‍රාමීය නායකත්වය ද,එකට එකතු කර ගොඩනගන මේ අලුත්ම දේශපාලන සුසංයෝගය ආණ්ඩුවට එරෙහි ප්‍රබල දේශපාලන ත්‍රිශුලයක් වනු ඇති බව එක්සත් ජාතික පෙරමුණේ විශ්වාසය වී තිබේ.

(Lanka Leads)