දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා මීලඟ මහ මැතිවරණයට ඉදිරිපත් නොවී දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ නිසා දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ අතර අභ්‍යන්තර අර්බුදයක් මතුව තිබෙනවා.
ඊට හේතුව වී තිබෙන්නේ සම්බන්ධන් මහතාගේ ඉවත්වීමෙන් හිස්වන නායකත්වය සුමන්තිරන් මහතාට ලබාදීමට සූදානම් වීමයි. ඊට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ගේ විරෝධය එල්ල වී ඇති අතර ඔවුන් පවසන්නේ සුමන්තිරන් මහතාට කිසිසේත් දෙමළ ජනතාවගේ ජාතික නායකයා විය නොහැකි බවයි.
මේ නිසා දෙමළ සන්ධානය දෙකඩ වීමේ අනතුරකට මුහුණ පා තිබේ. පසුගිය කාලයේදී දෙමළ සන්ධානයෙන් ඉවත්ව ගිය කණ්ඩායම් විසින් දෙමළ එක්සත් පෙරමුණ නමින් විකල්ප කණ්ඩායමක්ද ගොඩනගාගෙන තිබෙන බව ඊපීආර්එල්එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.
ඊපීආර්එල්එෆ් පක්ෂයේ මුලතිව් තන්නීර්ඌරු කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේ සුමන්තිරන් මහතා සිය නායකයා ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් දෙමළ ජනතාව දෙවරක් සිතිය යුතු බවයි. එජාපයේ ප්‍රමුඛයෙක් ලෙස කටයුතු කරන සුමන්තිරන් මහතා සිය නායකයා ලෙස පිළිගැනීම දෙමළ ජනතාව විසින් තමන්ගේම වල තමන් විසින්ම කපා ගැනීමක් ලෙසයි ඊපීආර්එල්එෆ් නායකයා පෙන්වා දෙන්නේ.
(LNW)