Monday, July 07, 2025
Follow Us
එජාප පසුපෙළ නායක පුටුවේ සිහිනය අත්හරියි

ජනාධිපතිවරණයේදී තමන් පරාජයවීමට බලපෑ ප‍්‍රධාන හේතුව තීන්දු තීරණ ගැනීමේදී පැවැති ප‍්‍රමාදය බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.

කෙසේවෙතත් ඉදිරි මහමැතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා උපරිම කැපකිරීම සිදුකරන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

එහිදී "අපිට මේ අත්වුණු ඉරණමට ප්‍රධාන හේතුව තීන්දු තීරණ ගැනීමේ කල්මැරීමේ ක්‍රියාවලිය. තනතුරු තියාගෙන ඉන්න ඇත්තන්ට අපි කියමු තනතුරුම බධාගෙන ඉන්න කියලා." යනුවෙන් ද සඳහන් කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණය කාලයට භාරදුන් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉඳුනිල් පවසනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ රැස්වීමක් හෙට (07) පැවැත්වීමට නියමිතයි.

(Neth)