තනතුරු තානාන්තර නිසා තමන් බෙදී වෙන් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (04) බද්දේගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
"තනතුරු තානාන්තර නිසා අපි බෙදෙන්නෙත් නෑ, කැඩෙන්නෙත් නෑ. ඕනෙම පක්ෂයක අදහස් තිබෙනවා, යෝජනා තිබෙනවා, චෝදනා තිබෙනවා, තර්ක විතරක තිබෙනවා. ඒවා තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක සාමාන්‍ය දේවල්. අපි දන්නවා අපේ ඇඟිලි පහ එක හා සමාන නෑනෙ.
අපේ නම් අරමුණ කොහොම හරි අපේ මන්ත්‍රී මණ්ඩලය ජයග්‍රහණය කරවන්න ඕනෙ. ජනාධිපතිවරණයෙදි කරන්න බැරිවුණු යම් කැපකිරීමක් තියෙනවා නම් ඒ කැපකිරීමත් කරන්න අපි සූදානම්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
(LNW)