Monday, July 07, 2025
Follow Us
රනිල්ගේ කැඳවීම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ ප්‍රතික්ෂේප කරති

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා කොළඹ පිහිටි සිය පෞද්ගලික නිවස වෙත පැමිණෙන ලෙසයි රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් රනිල් වික‍්‍රමසිංහ මහතා සමග තවදුරටත් සාකච්ඡා කිරීමෙන් ඵලක් නොමැති බව සඳහන් කරමින් මනෝ ගනේෂන්, රවුෆ් හකීම් සහ රිෂාඞ් බදියුර්දීන් යන පක්‍ෂ නායකයින් මෙම සාකච්ඡාව ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි කටයුතු පිළිබද අදහස් හුවමාරු කර ගැනීමට බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

(Lanka Leads)