Friday, October 18, 2024
Follow Us
චෝදනා 25 ක් යටතේ අද රිෂාඞ්ට එරෙහිව පැමිණිල්ලක් භාරදෙයි

මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා විසිපහක් යටතේ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව අද (7දා) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාරදෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

බදුර්දීන් ඇමැතිවරයා විසින් මුස්ලිම් අන්තවාදීන් සමග තිබූ ගනුදෙනු පිළිබඳව චෝදනා දහයක් ද, මිනීමැරුම් දෙකක්, මන්නාරම් ප‍්‍රදේශයේ සහ සතොස ආයතනයේ සිදු වූ මහා පරිමාණ වංචා හොරකම් සම්බන්ධයෙන් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව එම චෝදනා පත‍්‍රය බාරදෙන බවත්, එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් සහභාගි වන බවත් එස්. බී. දිසානායක මහතා ඊයේ (6දා)පුංචිබොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මේ වනවිටත් එම චෝදනා පත‍්‍ර සකස් කරමින් සිටින බවත්, ඒ ඒ පුද්ගලයන් විසින් සාක්ෂි සහිතව ලබා දුන් තොරතුරු මත මෙම චෝදනා ඉදිරිපත් කර ඇති බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(Lanka Leads)