Friday, October 18, 2024
Follow Us
මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිට භාරදෙයි

පසුගියදා සිය ඇමති තනතුරුවලින් ඉවත් වන බව ප්‍රකාශ කළ මුස්ලිම් ඇමතිවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙන බව වාර්තා වේ.

කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් අට දෙනෙකු සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇති අතර කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ කබීර් හෂීම් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර නොමැති බවයි වාර්තා වන්නේ. ඊට හේතුව වී ඇත්තේ ඔහු මේ වනවිට විදේශ සංචාරයක නිරතව සිටීමයි.

ඒ අනුව රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, එම්.එච්.ඒ. හලීම් යන කැබිනට් ඇමතිවරුන්ද ෆයිසාල් කාසිම්, එච්.එම්.එම්. හාරිස්, අමීර් අලි, අලි සහීර් මවුලානා යන රාජ්‍ය අමාත්‍යවරුන් හා අබ්දුල්ලා මහරුෆ් නියෝජ්‍ය අමාත්‍යවරයා ද සිය ඉල්ලා අස්වීම්වලට අදාල ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

රිෂාඩ් බදුර්දීන් මහතා කැබිනට් අමාත්‍යධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් අතුරලියේ රතන හිමි උපවාසයක් ආරම්භ කිරීමෙන් පසු සියලු මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. රිෂාඩ් බදුර්දීන් මහතා ප්‍රකාශ කළේ සංවිධානාත්මක පිරිසක් විසින් නැවත කලු ජූලියක් ඇති කිරීමේ උත්සාහයක නිරත වන බැවින් ඊට ඉඩ නොතබා අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

(LNW)