Monday, July 07, 2025
Follow Us
සම්බන්ධන් ගෝඨාභයට – මහින්දට ජාත්‍යන්තරය ගැන අනතුරු අඟවයි

නව ආණ්ඩුව පත්වීමත් සමඟ ජාත්‍යන්තරය හා ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තව දුරටත් දෙමළ ජනතාව රැවැටීමේ හැකියාවක් නොලැබෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි.

මේ පිළිබදඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය

‘‘උදාවූ වූ නව වසරේ ජාතික ගැටළුව තිරසාර විසඳුමක් ලබා දීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළ යුතුයි. 2019 වසරේ දෙමළ ජනතාවට විය හැකි කිසිදු ආකාරයේ කාර්යයක් නොවීය. ජනතාව සිය අයිතීන් වෙනුවෙන් නව ගමනක් ආරම්භ කොට තිබේ. බලයට පත් වුවදා සිට මෙතෙක් දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් කිසිදු කාර්යයක් මේ වනතෙක් ඉටු කර නැහැ. ජාතික ගැටලුවට තිරසාර විසඳුමක් ආණ්ඩුව විසින් අනිවාර්යයෙන්ම ලබාදිය යුතුයි. ආණ්ඩුව පළමුව ඒ සඳහා වන විසඳුම් ඉදිරිපත් කලයුතුයි. දෙමළ ජනතාවගේ දෛනික ගැටලු විසඳා දීමට ආණ්ඩුව කඩිනම් පියවර ගත යුතුයි‘‘

(Lanka Leads)