Monday, July 07, 2025
Follow Us
හරක් මරන එක නතර කරන්න මර්වින් යළිත් දේශපාලනයට

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තමා අනිවාර්යෙන් තරග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි. කුමන දිස්ත්‍රික්කයකින් තරග කළ තමාගේ ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් නොමැති බවයි මර්වින් සිල්වා මහතා පවසන්නේ.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් බැලීම සඳහා ඔහු ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමිනි.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවත්, තරග කරන ලකුණ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවත් ඔහු පවසනවා.

ගව ඝාතනය නතර කිරීම සහ ගවමස් විකිණීම නතර කිරීම තමාගේ අනාගත දේශපාලන ගමනේ ප්‍රධාන කාර්යය වන බව ද ඔහු අවධාරණය කරනවා.

(LNW)