Thursday, April 09, 2026
Follow Us
සජිත් විපක්ෂ නායක තනතුරට නිල වශයෙන්ම පත්කර ගැනීම අද

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) දිනයේදී නිල වශයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුරට පත්කර ගැනීමට නියමිතව තිබේ.

විපක්ෂ නායක තනතුර සඳහා යම් කඹ ඇදීමක් එජාපය තුළ මුලදී දැකගත හැකිවූ නමුත් අවසානයේදී සජිත් ප්‍රේමදාස මහතාට එම තනතුර ලබාදීමට සියලු දෙනාම එකඟ වී තිබිණි.

ඒ අනුව නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කෙරෙන අද දිනයේදී ඒ මහතාව නිල වශයෙන්ම විපක්ෂ නායක තනතුරට පත් කෙරෙනු ඇති.

(LNW)