මේ දිනවල සහල් මිල ඉහළ ගොස් ඇත්තේ පසුගිය එක්සත් ජාතික පෙරමුණු රජයේ වරදින් බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
"පසුගිය රජය රජයේ වී ගබඩාවලට සහල් ප්‍රමාණවත් මට්ටමින් එකතු කරගෙන ඇත්තේ නැහැ. ප්‍රමාණවත් සහල් තොග රජය සතුව නැති නිසා තමයි පෞද්ගලික අංශයේ වෙළඳුන්ට ඔවුන්ගේ ගබඩාවල තියන හාල් වෙළඳපොලේ හොඳ මිලක් ලබාගැනීමේ අරමුණින් යුතුව නිකුත් කරන්න ඉඩ ප්‍රස්තාව ලැබිලා තියෙන්නෙ. තව දින කිහිපයක් ඇතුළත මේ අධික සහල් මිල මීට වඩා අඩු මට්ටමකට වැටෙනවා, ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා" යනුවෙනුයි අමාත්‍යවරයා සඳහන් කළේ.
විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) මහනුවරදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
(LNW)