ජනාධිපතිවරයාගේ හිත දිනා ගනිමින් කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගැනීම සඳහා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ආණ්ඩුවේ නායකයන්ගේ මනදොල සපුරා ලන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
ජවිපෙ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ විජේදාස රාජපක්ෂ මහතාගේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරන ගෝත්‍රික මෙන්ම අවස්ථාවාදී යෝජනා බවයි.
විවිධ දේශපාලන මතවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අයිතිය අවහිර කිරීම සඳහා පාර්ලිමේන්තු නියෝජනය සඳහා ලබාගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය 12.5% ක් දක්වා වැඩි කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි විජිත හේරත් මහතා පවසන්නේ. එසේම විධායකය සතු බලය යම් පමණකින් හෝ සීමා කරමින් ව්‍යවස්ථාදායක සභාව වෙත ලබාදුන් බලතල නැවත විධායකය වෙත පැවරීමට විජේදාස රාජපක්ෂ මහතා යෝජනා කරන බව පෙන්වා දෙන ජවිපෙ පෙන්වා දෙන්නේ ඒ හරහා ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය අහිමි වන බවයි.
වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයා වෙත ලබාදුන් හැටනව ලක්ෂයේ ජනවරම පසෙක ලා කටයුතු කරන බවත් දේශප්‍රේමී යැයි කියාගන්නා ආණ්ඩුවේ සැබෑ නිරුවත මාස දෙකක් යෑමටත් මත්තෙන් මේ වනවිට හොඳින්ම පෙන්නුම් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
(LNW)