පසුගිය කාලයේ ඇරඹූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සුබවාදී ඉදිරි ගමන එළැඹෙන නව වසරේද අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වගකීම පුරවැසියන් ලෙස අප සැම සතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව වසර සඳහා සුබ පැතුම් එක් කරමින් කියා සිටියි.
එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
මීට වසර පහකට පෙරාතුව අප භාරගත්තේ සමාජ, ආර්ථික සහ දේශපාලනික වශයෙන් පිරිහී ගිය දේශයකි.
ගෙවුණු කාලසීමාවේ ජනතාව වෙත සමාජ, දේශපාලන, මානව නිදහස අත් කරදීම සඳහාත්, ජාත්‍යන්තර වශයෙන් අප රට පිළිබඳව පැවැති අඳුරු ආකල්ප වෙනස් කොට සුහදශීලී වාතාවරණයක් ගොඩනැගීම සඳහාත්, තිරසර සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ ආර්ථික ස්ථාවරභාවයකට පදනම දැමීම සඳහාත් කටයුතු කළෙමු.
එය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය දේශය පුරා පැතිරෙන, පුරවැසි බලය තහවුරු කෙරෙන සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමි.
(Lanka Leads)