Sunday, July 06, 2025
Follow Us
බොරුවේ උපත රාජිත හදන්නේ රට පනින්න – මහාචාර්ය චන්න ජයසුමන

රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා බොරුවෙන් රජ කළ අයෙක්. ව්‍යාපාරවලින් බොරුකර හසු වී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයත් අහිමි වූ කෙනෙක්. ජීවිත පූජාවෙන් සටන් කළ රණවිරුවන්ට කල් ඉකුත් ඖෂධ ලබා දුන් පුද්ගලයෙක්. මොහු සිංගප්පූරු මවුන්ටන් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ මුවාවෙන් රට පනින්නට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් වගේම මොහුත් සිංගප්පූරුවට පැනගොස් සැඟවීමේ උත්සාහයක නිරත බව පෙනෙන්නට තිබෙනවා යැයි මහාචාර්ය චන්න ජයසුමන නොච්චියාගම සමනල හෝටල් පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා රාජිත සේනාරත්න ලොකු අසනීප තත්ත්වයක් පෙන්වමින් බොරුවක් කරන බව වෛද්‍යවරුන් හැටියට අපට පැහැදිලි වෙනවා. මේ පිළිබඳ ස්වාධීන විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යොදවා වාර්තාවක් ගැනීම උචිත බවත් පෙනෙනවා යැයි පැවැසීය.

(Lanka Leads)