Sunday, July 06, 2025
Follow Us
ජනතාව රවටා ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරන්න හදනවා – විජිත හේරත්

ජනාධිපතිවරණය සමයේ කුණු කූඩයට දමනවා යැයි කී මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ජනතාව රවටා අත්සන් කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

එළැඹෙන මහ මැතිවරණයෙන් අනතුරුව නිසැක වශයෙන් මෙය අත්සන් කරනු ඇතැයිද හෙතෙම කීවේය.

වත්මන් රජය අධිරාජ්‍ය විරෝධය පිළිබඳව ජනතාව තුළ ඇති කළ සියලූ අපේක්‍ෂා දැනටම බිඳ දමමින් ඇතැයි කී විජිත හේරත් මහතා වියත්මගක් ඔස්සේ යන පාලනය, දූෂිතයන්ගෙන් තොර පාලනය, විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් පිළිබඳව පාලනය, විනයගරුක රටක් පිළිබඳව පාලනය යන සියලූ අපේක්‍ෂා බිඳ වැටී අවසන් බවත් කියා සිටියේය.

‘නව’ පාලනයද ආරම්භයේදීම එය තැනීමට දායක වූවන්ගේ පවා බලාපොරොත්තු සුන්කරමින් තිබෙන බවත් නව පාලනය ගැන වඩාත් කනස්සල්ලට පත්ව සිටින්නේ එය බිහි කිරීමට දායක වූවන් බවත් කියා සිටි විජිත හේරත් මහතා වත්මන් පාලනයද පැරණි මගේම ගමන් කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.

(Lanka Leads)