Thursday, January 01, 2026
Follow Us
අද සවසට තීන්දු වූ රනිල්-සජිත් හමුව කැන්සල්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතා අතර අද (30) සවස පැවැත්වීමට සූදානම් කර තිබූ මුහුණට මුහුණ විශේෂ හමුව කිසිදු ‌‌හේතු දැක්වීමකින් ‌තොරව අවලංගු කර ඇත.

එජාපය තුළ දැනට මතුව පවතින නායකත්ව අර්බුදයට සාකච්ජා මාර්ගයෙන් විසදුමක් ‌සොයා ගැනීමේ අරමුණින් යුතුව මලික් සමරවික්‍රම මහතා විසින් ‌මෙම හමුව සූදානම් කර තිබිණ.

නමුත් කිසිදු ‌හේතුවක් ‌නොදන්වා ‌මෙම හමුව අවලංගු කිරීමට පියවර ‌ගෙන ඇති බව දැනගන්නට තිබේ.

(Lanka Leads)