තමන් කිසිලෙසකින්වත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවන අතර පක්ෂය භේද කිරීමටද කටයුතු නොකරන බව එජාප නියෝජ්‍ය නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
ලංකා නිවුස් වෙබ් වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කරන ලදී.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුන හොත් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක් සාදා ගැනීම හෝ පවත්නා පක්ෂයක් සමඟ එකතු වීමේ සූදානමක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය බවයි ඔහු සඳහන් කරන්නේ.
රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන අත්දැකීම් බහුල නායකයන් සමඟ එක්සත් ජාතික පක්ෂයද ආරක්ෂා කරගනිමින් ඉදිරි කටයුතු සිදුකරන බව හෙතෙම කියා සිටියේය.
(LNW)