Friday, October 18, 2024
Follow Us
ත්‍රස්ත ප්‍රහාරයට බදූර්දීන් සම්බන්ධ බව ඔප්පු කරනවා - විමල්

ත්‍රස්ත ප්‍රහාරයට රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයා සම්බන්ධයැයි සාක්ෂි සහිතව ඔප්පු කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රහාරයට ISIS සංවිධානයෙහි නම දැම්මේ ඇමරිකානු හමුදාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බවත් ඇමරිකානු හමුදාවට මෙරටට පැමිණීමට සහරාන්ලා අවශ්‍ය බවත් පැවසූ ඒ මහතා සහරාන්ලාට හැදෙන්නට නිදහස දුන්නේත් රිෂාඩ් බදූර්දීන්ලා රකින්නේත් ඒ නිසා බවටයි චෝදනා කළේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සතොසට අයත් වාහන භාවිතා කළේ නැද්ද ? සයින්දමර්දුහි බෝම්බ පුපුරුවාගත් නිවසට ගියේ නැද්ද ? යනුවෙන් තමන් බදූර්දීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන බව පැවසූ වීරවංශ මහතා ඔහු එය ප්‍රතික්ෂේප කරන්නේ නම් තමන් එය ඔප්පු කරන බවත් ප්‍රකාශ කළේය.

මෙම චෝදනා ඔප්පු කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙනුත් ඉල්ලා අස්වන බවට රිෂාඩ් බදූර්දීන් මහතා අභියෝග කළොත් එදිනට තමන් ඉහත චෝදනා ඔප්පු කරන බවයි විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසුවේ.

(LNW)