Thursday, April 09, 2026
Follow Us
පාර්ලිමේන්තු සභානායක ධුරය දිනේෂ්ට ?

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් එළඹෙන 02 වනදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා පත් කර ගැනීමට නියමිතයි.

සභානායක ධූරය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට හිමිවනු ඇති බවටයි දේශපාලන ආරංචි අනාවරණ කළේ. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට ඩලස් අලහප්පෙරුම හෝ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් දෙදෙනාගෙන් එක්අයෙකු පත්කිරීමට ආණ්ඩු පක්ෂයේ අවධානය යොමුවී ඇති බව ද වාර්තා වුණා.

(Neth)