Saturday, July 05, 2025
Follow Us
වරෙන්තු ලැබී සිටිනා රාජිත සේනාරත්න හැංගිලා – නිවාස තුනක් වැටලූ සී.අයි.ඩීය තවමත් හිස් අතින්.!

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලැබී සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සැඟවී සිටිනා බව වාර්තා වේ.

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර දින දෙකක් ඉක්මවා කල් ගත වුවද මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී නැත.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට අයත් කොළඹ සහ බේරුවල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස දෙකක්ම අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කළද එම නිවාස වලින්ද ඔහු පළා ගොස් තිබෙන බව වාර්තා වේ. මන්ත්‍රීවරයාගේ නිල නිවසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කළද එම නිවසේද රාජිත සේනාරත්න නොසිට ඇත.

රාජිත සේනාරත්න සොයා තවත් නිවාස කිහිපයක් මෙන්ම පෞද්ගලික රෝහල් කිහිපයක් ම සොයා බැලු නමුත් ඔහු ඒවා එකකවත් සොයා ගැනීමට නොහැකිවී තිබේ.

වාර්තා වන්නේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ප‍්‍රභූ ආරක්ෂක නිලධාරීන්ද නොමැතිව ජංගම දුරකථනය පවා ක්‍රියාවිරහිත කරගෙන සැඟව සිටිනා බවයි.

(Lanka Leads)