පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙ බිම් මට්ටමේ නායකයන් බහුතරයක් ‘‘මං පොර’’ සංකල්පයෙන් කටයුතු කිරීම නිසා ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකට ලැබිය යුතු ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වූ බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පසුගිය 23 දින පිලිමතලාවේදී ඉදිරි මැතිවරණය පිළිබඳව පැවති අභ්‍යන්තර සාකච්ඡාවකදී පැවසීය.
පූජ්‍ය පක්ෂය නොසලකා ගමේ සාමාන්‍ය ජනතාව නොතකමින් න්‍යාය මත පදනම්ව දේශපාලනයේ යෙදුණු බිම් මට්ටමේ ජවිපෙ නායකයන් පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලනය කළ යුත්තේ කෙලසදැයි පාඩමක් ඉගෙන ගත් බවද ඔහු ප්‍රකාශ කළේය.
ඉදිරි මහ මැතිවරණයේදී ද ජවිපෙ බිම් මට්ටමේ නායකයන් අදාළ සංකල්පයෙන් කටයුතු කළ හොත් ජාතික ජන බලවේගයේ ඉදිරි දේශපාලන කටයුතු අවසන් විය හැකි බවටද එම සාකච්ඡාවේදී කේ.ඩී. ලාල්කාන්ත අනාවැකියක් පළ කළේය.
Aruna