ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ෆෙඩරල් පාලන ක්‍රමයක් දිනාගැනීම සඳහා සහය වන්නැයි ඉල්ලා උතුරු පළාත් හිටපු මහ ඇමති සී වී විග්නේෂවරන්, බ්‍රිතාන්‍යය නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙත ලිපියක් යවා තිබේ.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ඉතිහාසය පුරාම සිය අයිතීන් දිනාගැනීම සඳහා ප්‍රධාන ජාතිය සමග යුද වැදීමට සිදුව ඇති බවයි සි වී විග්නේෂ්වරන් මෙම ලිපියෙන් ප්‍රකාශකර ඇත්තේ. අයිතීන් දිනා ගැනීමට ඇති මෙම අපහසුතාව නිසා කලකිරීමට පත්වූ දෙමළ ජාතිකයින් බොහෝ දෙනෙකු මේවනවිටත් රට අතහැර බ්‍රිතාන්‍යයට සහ වෙනත් රටවලට පළාගොස් ඇතැයි ද ලිපියේ සඳහන්.
ඒ අනුව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ෆෙඩරල් පාලන ක්‍රමයක් දිනාගැනීම සඳහා සහය වන්නැයි තමන් බි්‍රතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්ගෙන් ද මීට පෙර ඉල්ලා සිටි බවයි සී වී විග්නේෂ්වරන් සිය ලිපියෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. මෙම ඉල්ලීමට නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගෙන් සුභවාදී ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බව ද සී වී විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබේ.
(Lanka Leads)