Saturday, July 05, 2025
Follow Us
මාංචුවලින් අපේ අරගලය නතර කරන්නේ නෑ… ඇප ලැබූ පාඨලී මාධ්‍යයට කියයි

අධිකරණයේ ස්වාධීනත්වය ඇතැමුන් විනාශ කිරීමට උත්සහ කරත් එය ආරක්ෂා කිරීමට අධිකරණය කටයුතු කිරීම ගැන තමා ස්තූතිවන්ත වෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඒ මහතා අධිකරණය විසින් අද(24) දිනයේ දී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

තමාව දේශපාලන කුමන්ත්‍රණයක් මඟින් අත්අඩංගුවට ගත් මොහොතේ සිට තමාව බැලීමට පැමිණි ස්වාමීන් වහන්සේලා මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකයා හා සජිත් ප්‍රේමදාස මහතාට ද මෙම අවස්ථාවේ ස්තූතිය පිරිනමන බව චම්පික රණවක මහතා සඳහන් කළේය.

(Lanka Leads)