එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇප මත මුදාහැරීමත් සමග එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ප්‍රීතියට පත්වී සිටිනා බව වාර්තා වේ.
ඒ තම පක්ෂයට නායකත්වය දිය හැකි පුද්ගලයෙකු මතුව පැමිණ නිදහස් වූ බව කියමිනි.
වත්වන් විපක්ෂයට හා එක්සත් ජාතික පක්ෂයට නායකත්වයක්ද අහිමිව සිටිනා මොහොතක පාඨලී චම්පික රණවක මෙලෙස මතුවී ආ අතර බොහෝ දෙනා මත පළ කරන්නේ පාඨලී චම්පික රණවක එජාපයේ මීළග නායකයා විය හැකි බවයි.
තවද එජාපයේ මීළග නායකයා ලෙස පාඨලී චම්පික පත් කිරීමට රනිල් වික්‍රමසිංහද කැමැත්තෙන් පසුවන බවද එම පක්ෂයේ ආරංචි මාර්ග සදහන් කරනවා.
බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ජවයෙන් අඩු පුද්ගලයෙකු නිසා, පාඨලී චම්පික නායකත්වයට සුදුසු පුද්ගලයා බවයි.
(Lanka Leads)