Wednesday, July 02, 2025
Follow Us
ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාස භංගය ජුලි 09 - 10

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව ජුලි මස 09 - 10 යන දෙදින තුළ විවාදයට ගැනීමට එකඟතාකවට පැමිණ තිබේ.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ඊයේ (04) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම එකඟතාවට පැමිණි බවයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කලින් දැනුවත්ව සිටියදීත් එය වළක්වා ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් සමස්ත ආණ්ඩුවටම එරෙහිව මෙම විශ්වාස භංග යෝජනාව ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇත.

(LNW)