පාර්ලිමේන්තුවේදී පරිසර කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ (09) රැස්විය.
පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් මෙම කාරක සභාව රැස් වූ අතර පාරිසරික සංරක්ෂණ ක්රියාවලිය සහ ඊට ඇති අභියෝග පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් ප්රශ්න ඉදිරිපත් කරන ලදී.
මෙහිදී ලංකාවේ දිස්ත්රික් මට්ටමේ සිදු කරන ලද අලි මිනිස් ගැටුම පාලනයට අදාළ අලි වැට ප්රතිස්ඨාපන කටයුතුවල පවතින දුර්වලතා අවම කරගනිමින් ඒ සදහා කඩිනම් වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීම පිළිබඳ පරිසර අමාත්යවරයා විසින් වනජීවී දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දෙන ලදී.
සංවර්ධන ව්යාපෘති සිදු කිරීමේදී පාරිසරික ඇගයීමේ ක්රියාවලිය විධමත්ව සිදු කරමින් අදාළ අනෙකුත් අමාත්යාංශ හා ආයතන ඒකාබද්ධව කාර්යක්ෂම ලෙස කටයුතු කිරීම පිළිබඳ මධ්යම පරිසර අධිකාරිය වෙත දන්වන ලදී.
විශේෂයෙන් පාරිසරික ආරක්ෂණ ක්රමවේද ක්රියාත්මක කිරීමේදී ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් අදාළ කටයුතු සිදු කරන ලෙසත් අමාත්යවරයා විසින් අවධානය යොමු කරන ලද අතර ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා නව රජය යටතේ ක්රියාත්මක කරමින් පවතින සැලසුම්වල ප්රගතිය පිළිබඳ මෙහිදී මන්ත්රීවරුන් දැනුවත් කරන් ලදී.