Friday, September 13, 2024
Follow Us
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද ජනතාව වෙනුවෙන් -ජනාධිපති රනිල්

කිසිවෙකු භාර ගැනීමට අකමැති වු රට භාර ගත් තමා ජනතාවගේ ජිවත් වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් කැප වෙද්දි, මැතිවරණ ඉල්ලමින් අධිකරණයට ගිය පිරිසගේ පරමාර්ථය ජනතාව පීඩාවෙන් මුදා ගැනීම නොව තම බලය තහවුරු කර ගැනීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තමා එදා මැතිවරණ පැවැත්වීමට මුදල් වැය කළානම් අද රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නොහැකි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතාවගේ 
ජිවත්වීමේ අයිතිය සුරැකීම මුලික අයිතිවාසිකම් කඩකිරීමක් ලෙස සලකනවා නම් තමන් ඊට මුහුණදිමට සුදානම් බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (24) පස්වරුවේ දඹුල්ල බස්නැවතුම්පොළ භූමියේදි  පැවති “පුළුවන් ශ්‍රී ලංකා” දඹුල්ල විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

දඹුල්ල ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් මෙම ජන රැලියට එක්ව සිටි අතර එහිදි ඔවුහු ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත්හ.මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 2022 ජුලි මාසයේ දී තමා මේ රටේ වගකීම භාරගත්තේ ජනතාව වෙනුවෙන් බවත්, රටේ එදා පැවති ගැටළුකාරී තත්ත්වය අවසන් කර ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කළතමා අද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුයේ ද  ජනතාව වෙනුවෙන් බවත්ය.

දැක්මක් සහ වැඩපිළිවෙළක් නොමැති බලය ලබා ගැනීමට පමණක් උත්සාහ කරන පිරිසකට මේ අවස්ථාවේ රට භාරදුනහොත් රටේ විනාශය වළක්වා ගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පසුගිය දෙවසර තුළ අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව සිය ඡන්දය භාවිතා කළයුතු බව ද සඳහන් කළේය.