Friday, October 18, 2024
Follow Us
ඇමති රිෂාඩ් ඉල්ලා අස්විය යුතුයි

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එල්ලවී ඇති චෝදනා විභාග කිරීමට පොලීසියට හා රාජ්‍ය බුද්ධි අංශවලට ඉඩ ලබාදී ඔහු එම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ජාතික හෙළඋරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

ඒ ඉයේ (30) මාධ්‍ය හමුවකදි සිය අදහස් දක්වමිනි.

රජයට එරෙහි විශ්වාසභංගය කලින්ම විවාදයට ගෙන ඒ පිළිබඳ මත විමසිය යුතු බව ඒ මහතා ප්‍රකාශ කරයි.

රිෂාඩ් ඇමතිවරයාට එරෙහිව ඇති අපරාධ වරද 10ක පමණ වන කරුණු අතිශය බරපතළ අපරාධ චෝදනා බැවින් පාර්ලිමේන්තු වාද විවාදවලින් විමසිය හැකි නොවන බවත් ඒ සඳහා පොලීසිය බුද්ධි අංශ විධිමත් පරීක්ෂණ සිදුකළ යුතු බවත් ඔහු පවසයි.

නමුත් පවතින රජයේ ඔහු සිටිනතාක් එවන් පරීක්ෂණයක් සාධාරණව ඉටු කරන්න ඉඩ ලැබේදැයි ගැටලුවක් බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමට රිෂාඩ් ඇමතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව චම්පික රණවක මහතා කියා සිටියේය.

එම යෝජනාව අග්‍රාමාත්‍යවරයාටත් ඉදිරිපත් කළ බවත් තේරීම් කාරක සභාව නඩු අසන තැනක් නොවන බවත් ඔහු පවසයි.

(Lanka Leads News)