Monday, March 16, 2026
Follow Us
පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණයේදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී  පොහොට්ටුව ලකුණ යටතේ  වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (29)  තීරණය කළේය.

මේ තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදීය.

එම රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනම ස්වාධීන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට ඉදිරිපත්වූ යෝජනාව  වැඩි ඡන්ද 68කින් සම්මත විය.