Sunday, June 30, 2024
Follow Us
මුලින්ම IMF ගියානම් රට බංකොලොත් වෙන්නේ නෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇති කරගත් එකඟතාවලට විරුද්ධව සමගි ජන බලවේගය ඡන්දය භාවිත නොකළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු නොකරන ලෙස කිසිවිටෙක නොකී බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

එවැනි දෙයක් සමගි ජන බලවේගය කියා ඇත්නම් ඒ බව සනාථ කර පෙන්වන්නැයි ද ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අත්‍යවශ්‍ය බව රජයට මුල සිටම සමගි ජන බලවේගය පෙන්වා දුන් බව ද ඒ මහතා මෙහිදී  පැවසීය.

ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අත්‍යවශ්‍ය බව මුල සිටම කිව්වේ සමගි ජන බලවේගයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගත යුතු බව සමගි ජන බලවේගය ප්‍රකාශ කළ කාලසීමාවේ ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කළා නම් රට බංකොලොත් වෙන්නේ නෑ. ඒ වගේම ලංකාවේ ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් ඇති වෙන්නේ නෑ යැයි ද කීවේය.