Friday, June 19, 2026
Follow Us
ජනාධිපතිවරණයේ දී පිල්ලයාන්ගේ සහායත් ජනපතිට

ඉදිරි ජනාධිපතිවරණයක දී තමාගේ සහ තම පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බව ටී.එම්.වී.පී පක්ෂ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා ඊයේ (22) පස්වරුවේ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු ඔහුගේ පාක්ෂිකයින් මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පක්ෂ මුලස්ථානයේදීය හමු වූ අවස්ථාවේදී  මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.  

එහිදී ටී.එම්.වී.පී නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය සහයෝගය පළ කර තිබේ.