Monday, April 29, 2024
Follow Us
පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා කරන බව එජාප මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති දැන් සමගි ජන බලවේගයේ නැතැයි කී මහලේකම්වරයා සජබෙ දැන් බදු ගෙන සිටින ගොඩහේවලාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද? නැතිනම් එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද? කියා තීරණය කරන්නැයි ඉල්ලා සිටින බවද කීය.

එමෙන්ම නම නොකී සැමට ද පොදුවේ ආරාධනාවක් කරන බව මහලේකම්වරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් එජාප මහ ලේකම් පාලිත රංගේ  බණ්ඩාර මහතා මේ බව කීය.

Lankadeepa