Friday, October 18, 2024
Follow Us
රටම මුහුණ දෙන ඊළඟ අනතුර ගැන තිස්ස කියයි

මේ වන විට රට තවත් අනතුරකට මුහුණ දී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

දේශපාලකයන් සියලු දෙනා පාහේ උත්සහ කරන්නේ තම තමන්ගේ වාසිය හා ආරක්ෂාව පිළිබඳ පමණක් වන හෙයින් මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් එය රටත් මහතා අනතුරකට පත්කරන්නක් බව ඔහු සඳහන් කරයි.

දේශපාලන වැසි වෙනුවෙන් ආණ්ඩු පිහිටුවා ගැනීම, පළාත්සභා හා පළාත් පාලන ආයතන ආරක්ෂා කර ගැනීම, ජනාධිපතිවරණය ඉලක්ක කිරීම වැනි කාරණා නිසා අද ජාතිය ආගම සහ රට ආරක්ෂා නොවන තත්ත්වයකට පත්ව ඇති බවයි අත්තනායක මහතා කියා සිටින්නේ.

"චෝදනාවක් යම් අයෙකුට එල්ලවෙලා තියෙනවා නම් එය පරික්ෂා කර බලා සනාථ කරගෙන හරියට ඒ ගැන ක්‍රියාකරන තුරු ඒ වගකීම් ආණ්ඩුවේ දරනවා නම් එම වගකීම්වලින් ඉවත්වීමේ සම්ප්‍රදාය හොඳයි. ලංකාවේ ඒ සම්ප්‍රදාය තියා වගකීම භාර අරගෙන ආණ්ඩුවේ අමතිවරුවත් අස්වෙන්නේ නැහැනේ. ඔවුන් තාවකාලිකව හෝ ඉවත් වෙන්නේ නැහැනේ. මැතිවරණ නිසා තමයි ඔක්කොම වෙලා තියෙන්නේ. අද හැම දේශපාලනඥයෙක්ම බලන්නේ තමන්ගේ වාසිය සහ තමන්ගේ ආරක්ෂාව. මේක ඉතාම බරපතලයි. ඒ විදිහට ගියොත් රට මහා විනාශකට, අනතුරකට පත්වෙන්න පුළුවන්."

අද (30) කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේය.

(LNB)