Saturday, July 27, 2024
Follow Us
කථානායකවරයාගේ  නිවේදන

පනත් කෙටුම්පත් සලකා බැලීම

“සවීර පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත

උක්ත පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් අනුප පස්කුවල්, සරත් වීරසේකර, මේජර් සුදර්ශන දෙනිපිටිය, මායාදුන්න චින්තක අමල්, ලලිත් වර්ණ කුමාර, රෝහණ බංඩාර, අසංක නවරත්න, උදයන කිරිඳිගොඩ යන මන්ත්‍රීවරයන් නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

“දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)” පනත් කෙටුම්පත

උක්ත පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට  ජීවන් තොන්ඩමන්,  තාරක බාලසූරිය,  අනුරාධ ජයරත්න,  ඩයනා ගමගේ,  බුද්ධික පතිරණ,  මොහමඩ් මුසම්මිල්,  මුදිතා ප්‍රිශාන්ති,  ගෙවිඳු කුමාරතුංග යන ප‍ාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් පත් කොට තිබේ.

“කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) යටතේ උක්ත පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා  විදුර වික්‍රමනායක,  ප්‍රසන්න රණවීර,  ගයන්ත කරුණාතිලක,  (මහාචාර්ය) චන්න ජයසුමන,  කේ. සුජිත් සංජය පෙරේරා,  උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,  එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන,  මංජුලා දිසානායක යන මන්ත්‍රීවරයන් ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද බව කථානායකවරයා නිවේදනය කළේය.

“සමාධි සෞඛ්‍ය සේවා, පාරිසරික, කෘෂිකාර්මික, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත

උක්ත පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ප‍ාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) යටතේ  ශාන්ත බණ්ඩාර,  අනුප පස්කුවල්,  අශෝක් අබේසිංහ,  නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ්,  කරුණාදාස කොඩිතුවක්කු,  කිංස් නෙල්සන්,  රෝහණ බංඩාර,  නිපුණ රණවක යන මන්ත්‍රීවරයන් ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පත් කොට තිබේ.

“සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරී‌මේ)” පනත් කෙටුම්පත

ඉහත පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස  විදුර වික්‍රමනායක,  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,  විජිත බේරුගොඩ,  අශෝක් අබේසිංහ,  සංජීව එදිරිමාන්න,  කරුණාදාස කොඩිතුවක්කු,  කිංස් නෙල්සන්,  රෝහණ බංඩාර යන මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට කොට තිබේ.

කාරකසභා සඳහා සාමාජිකයන් නම් කිරීම

ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124හි විධිවිධාන සහ  2024 පෙබරවාරි 09 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී  දයාසිරි ජයසේකර මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා දැනුම් දුන්නේය.

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම්

පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් 2023 නොවැම්බර් 20 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ  පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කර ඇති බව කථානායකවරයා නිවේදනය කළේය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහණ බංඩාර මහතා විසින් 2024 පෙබරවාරි 09 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ  පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කොට තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිත අබේගුණවර්ධන මහතා විසින් 2024 පෙබරවාරි 21 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ  පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කොට තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී  සජිත් ප්‍රේමදාස මහතා විසින් 2023 නොවැම්බර් 20 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ  පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණුද ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කර තිබේ.