Saturday, July 27, 2024
Follow Us
අධ්‍යාපනය දියුණු කරන හැටි සජිත් කියයි

මේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ අපේ රටට අනාගතයක් නැහැ .පාසල් අධ්‍යාපනය තුළ තොරතුරු තාක්ෂණ විෂය පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම ඉගැන්විය යුතුයි. රටේ පවතින 10126ක් වන සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්න මා සූදානම්" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින හෝමාගම පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය.

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ බටහිර හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් දෙකෙහි දරුවන් 75 දෙනෙකු සඳහා ඇඳුම් කට්ටල සකසා ගැනීමට අවශ්‍ය රු.827000.00 ක පමණ මුදලක් එම පාසලට පරිත්‍යාග කිරීම වෙනුවෙන් මාර්තු මස 22 වන දා එම පාසලේ දී සංවිධානය වුණු උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ලොව දිනන නව තාක්ෂණ ක්‍රමවේද පාසල් අධ්‍යාපනයට ඇතුළත් විය යුතු බවත් හින්දි භාෂාව ,චීන භාෂාව වැනි විෂයන්ද පාසල තුළ ඉගැන්විය යුතු බවත් ලෝකයත් සමඟ ගනුදෙනු කිරීමට සුදුසු දරුවකු පාසල තුළින් නිර්මාණය කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

-Lankadeepa