Wednesday, August 27, 2025
Follow Us
පළමුව ජනපතිවරණයට සූදානම් වන්නැයි ජනපති කැබිනට්ටුවට දන්වයි

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඊයේ (18) පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී ජනාධිපතිවරයා මෙම දැනුවත් කිරීම සිදු කර ඇති බව වාර්තා වේ.

දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින් සිදුකර අවසන් කර ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇත.

Dinamina