Wednesday, March 18, 2026
Follow Us
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විවාදය ලබන 8 සහ 9 දෙදිනදී
ජනාධිපති  රනිල් වික්රමසිංහ මහතා විසින් ලබන 7 වැනි බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පෙබරවාරි 8 සහ 9 දෙදින පැවැත්වීමට අද (01) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
මෙම පක්ෂ නායක රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවත්විණි.
 
මේ අනුව පෙබරවාරි 8 වැනි බ්රහස්පතින්දා සහ 9 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.
 
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය පෙබරවාරි 7 වැනිදා ගරු ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත අතර එදින පෙ.ව 10.30 ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.