Wednesday, March 18, 2026
Follow Us
ගෘහ සේවිකාවන්  ගෘහ පාලිකාවන් ලෙස විදෙස්ගත කිරීමේ සැලසුමක්

මේ වසරේ පිරිමි ශ්‍රමිකයින් 56%ක් විදේශගත වී ඇති අතර කාන්තාවන් 44%ක් වේ. ගෘහස්ත අංශයේ රැකියා සඳහා 27% ක් විදෙස් ගත වීමක් සිදු වී ඇති අතර ගෘහ සේවිකාවන් ලෙස විදේශගත කිරීම හැකි තාක් අවම කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් පැවසීය.

 

අප්‍රේල් මස සිට NVQ 3 මට්ටමට පුහුණුව ලබා දී ගෘහ පාලිකාවන් ලෙස විදෙස්ගත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.