කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කෙරිණි.
මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (14) සිට ආරම්භ වේ.
විවාදය අද සිට ලබන 21 වන දින දක්වා දින 07ක් පැවැත්වීමට නියමිත අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වන දින පස්වරු 06ට පැවැත්වේ.
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 22 වන දින සිට දෙසැම්බර් මස 13 වන දින දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතය.
ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වන දින පස්වරු 06ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.