Monday, September 08, 2025
Follow Us
ජනපති අය-වැය ගෙනාවේ ඉතාමත් අමාරු තැනක සිටයි

ජනාධිපතිවරයා මේ අය-වැය ඉදිරිපත් කළේ ඉතාමත් අමාරු තැනක සිට බවත් ඒ නිසා අපි කුහක විය යුතු නැති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (13) පැවසීය.


ජනාධිපතිවරයාගේ අය-වැය කතාවෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ ඒ මහතා මේ බව කීවේය.


ඉතාමත්ම දරුණු ප්‍රතිව්‍යුහගතකරණවලට රට ලක් කරන්න ඕනෑ. රට ගැට ගහලා තියෙන ලණු චේන් කඩන්න ඕනෑ. මෙතන වැඩි හරියක් ඒ කියන්නේ සියයට 90ක් ඉන්නේ පුද්ගලික අංශයේ අයයි. ඒ අයට දාහදාහකින් හරි වැඩි කර ගන්න පුළුවන් වෙයි.