Monday, September 08, 2025
Follow Us
ජනතාව රැවැට්ටූ අයවැයක් - විපක්ෂ නායක

ජනපති කරපු අයවැය කතාව බුදු දහමට කළ නිග්‍රහයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ අයවැය ප්‍රකාශයට පසු මාධ්‍යට අදහස් දවමින් ඔහු මේ බව සඳහන් කළ අතර අයි.එම්.එෆ් ගිවිසුමේ ආදායම් ඉලක්ක සපුරන්න ගෙනා අයවැයක් බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා දිගින් අපායක් ගැන මතක් කළ අතර , එය පවසන පාලකයෝ දිව්‍යලෝකයේ සිටින බවත් ජනතාව අපායේ ඔහු පවසා සිටියේය.

ජන ජීවිතය ගොඩ නඟන්නට මෙහි තිබූ දේවල් මොනාවාදැයි ඔහු විමසීමක් කළ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ මෙය රටේ ජනතාව රැවැට්ටු අයවැයක් බවයි.